යුධ අපරාධ සම්බන්ධයෙන් වග වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊශ්‍රාලයෙන් ඉල්ලයි
2024-04-06 19:33:37
Share with:

ගාසා තීරයේ සිදු විය හැකි යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ (5) යෝජනාවක් සම්මත කරයි. ඊශ්‍රායලයට ආයුධ සැපයීම අත්හිටු වන ලෙස ද එම යෝජනාව සියළු ජාතීන්ගෙන් ඉල්ලා සිටී. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් රටවල් 28 ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇත. රටවල් 13 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 6 ක් විරුද්ධ විය. චීනය යෝජනාවට සහය පළ කළ අතර ඇමරිකාව සහ ජර්මනිය ඊට විරුද්ධත්වය පළ කර තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එහි දී දැඩි කනස්සල්ල ප්‍රකාශ කෙරිණ.

ඊශ්‍රායලයට ආයුධ, පතොරම් සහ අනෙකුත් හමුදා උපකරණ විකිණීම, පැවරීම සහ ලැබීමට සැලැස්වීම නවත්වන ලෙසද යෝජනාව සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම