බදුල්ලට නව සංචාරක දුම්රියක්
2024-04-06 15:13:27
Share with:

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ‘දුන්හිඳ ඔඩිසි’නමින් නව සංචාරක දුම්රියක් ඊයේ(5) පෙරවරු 6.30ට ආරම්භ කෙරිණ. එම දුම්රිය දිනක් හැර දිනක් ධාවනය කෙරේ.

මීට අමතරව දුම්රිය මැදිරිවල වහල රහිතව ලී වලින් සැකසූ නැරඹුම් මැදිරි ඇතුළු මැදිරි තුනකින් සමන්විත සුඛෝපභෝගි සංචාරක කෙටිදුර දුම්රියක් ‘ගැලැක් සෝ’නමින් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා දිනපතා ධාවනය කෙරේ.

මෙරට දුම්රිය සේවය අරඹා 05 වැනිදාට වසර සියයක් පිරීම නිමිත්තෙන් මෙය ක්‍රියාවට නැංවිණ. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ආරම්භක සංචාරයට එක් විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම