“සයිබර් ආරක්ෂාව” පාසල් විෂයයක් ලෙස හඳුන්වාදීමට පියවර
2024-04-06 15:14:20
Share with:

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍ය වේදීන් සඳහා පැවති පළමු වැඩමුළුවේ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ. සයිබර් ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා ඩිජිටල්කරණයට නායකත්වය දෙන කණ්ඩායමක් පුහුණු කිරීමෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව හා මාධ්‍යවේදීන් වෙත පැවරෙන වගකීම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය ආයතන 37ක නිලධාරීන් 60ක් සහ මාධ්‍යවේදීන් 40ක් වෙනුවෙන් මෙහිදී සහතික පත් ප්‍රදානය සිදු විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම