හයිටි රාජ්‍යයට අලෙවි කෙරෙන අවි හා වෙඩි බෙහෙත්වල ප්‍රධාන මූලාශ්‍රය ඇමරිකාව බව හෙළි වෙයි
2024-04-05 16:57:41
Share with:

හයිටි රාජ්‍යයට ජාවාරම් මාර්ගයෙන් ගලා ගිය අවිවලින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාවෙන් බව එක්සත් ජාතීන්ගේ ආයතනයක් හෙළි කරයි.

නීති විරෝධීව අවි හා වෙඩි බෙහෙත් අලෙවි කිරීම, හයිටි රාජ්‍යයේ අපරාධ කණ්ඩායම් ව්‍යාප්ත කිරීමට ප්‍රධානම මූල්‍ය මූලාශ්‍රය සපයන බවත් හඳුනා ගත් අවි ජාවාරම් මාර්ග හතරක් අතරින් ප්‍රධාන ඒවා ඇමරිකාවට සම්බන්ධ බවත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ ගැටළු පිළිබඳ කාර්යාලයේ වාර්තාවක් සඳහන් කර ඇත.

ඍජු හෝ තුන්වන රටක් හරහා හෝ, හයිටි රාජ්‍යයට ඇතුල් වී අලෙවි කෙරෙන අවි හා වෙඩි බෙහෙත්වල ප්‍රධාන මූලාශ්‍රය ඇමරිකාව බව පැනමාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ ගැටළු පිළිබඳ කාර්යාලයේ විශේෂඥයෙක් පවසා ඇත. එම අවි ගුවන්, ගොඩබිම හා නාවික මාර්ගවලින් හයිටි රාජ්‍යයට ළඟා වූ බව ද ඔහු කීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම