දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා අවස්ථා රැසක්
2024-04-05 16:22:26
Share with:

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා අතර හමුවක් ඊයේ (04) දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

එහිදී දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑමවිටම පෙනී සිටින බව දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා එහි දී පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම