ඇමරිකානු ජනපති සහ ඊශ්‍රායල අගමැතිවරයා අතර දුරකථන සංවාදයක්
2024-04-05 15:27:23
Share with:

ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ඇමරිකානු ජනාධිපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu දුරකථන සංවාදයක යෙදෙති. එම සංවාදය ඊයේ (4) පැවැත්විණ.

ගාසා තීරයේ ගැටළු කෙරෙහි ඇමරිකාවේ ප්‍රතිපත්තිය රඳා පවතින්නේ ගාසා සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග මත බව ජනාධිපති Joe Biden එම අවස්ථාවේදී පැවසීය.

පසුගිය 1 වැනිදා ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන් පුණ්‍යායතනයක් වන “ලෝක මධ්‍යම භෝජනාගාරය” නැමැති සංවිධානයේ සේවකයන් හත් දෙනෙකු මිය ගිය බව වාර්තා වෙයි. මානුෂීය සේවකයින්ට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර සහ ගාසා තීරයේ සමස්ත මානුෂීය තත්වයට එල්ල වන බලපෑම පිළිගත නොහැකි බව ජනාධිපති Joe Biden එම සංවාදයේදී පෙන්වා දුන්නේය.

එම ප්‍රහාරයෙන් පසු දෙරටේ නායකයන් අතර සිදු වූ පළමු දුරකථන සංවාදය මෙය බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම