ජාත්‍යන්තර මට්ටමේ මැණික් කුලුන මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි
2024-04-05 16:26:02
Share with:

රත්නපුරයේ ස්ථාපිත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කෙරේ. මැණික් අළෙවිකරුවන්ට සහ ගැණුම්කරුවන්ට ජාත්‍යන්තර මැණික් වෙළෙඳාම් කටයුතු එකම වහලක් යට ක්‍රමවත්ව හා ආරක්ෂිතව සිදුකිරීමට මෙමඟින් ඉඩ සැලසෙනු ඇත.

ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් අද රට තුළ නිර්මාණය වී ඇති බව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3,650ක වියදමකින් ඉදිකළ පස් මහල් ගොඩනැඟිල්ල ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතය.

මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් හා හොංකොං හී මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු මෙන්ම අපනයන සේවාද සපයනු ලබයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම