අවුරුද්දට විශේෂ බස්රථ සේවාවක් අද (5) සිට
2024-04-05 16:23:25
Share with:

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා පිටත් වීම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කෙරේ.  ඒ සඳහා  අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවන බව එම මණ්ඩලය පැවසීය.

ඒ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද ලබන 10 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා දෛනිකව විශේෂ දුම්රිය ගමන්වාර 12ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම