චීන ජනපතිගෙන් මෝල්ටා නව ජනපතිනියට සුබ පැතුම්
2024-04-04 19:31:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, මෝල්ටා ජනරජයේ නව ජනාධිපතිනි Myriam Spiteri Debono මහත්මිය වෙත සුබ පැතුම් පිරිනමයි.

චීනය සහ මෝල්ටා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගත වූ වසර 52ක් තුළ දෙරට සැම විටම අන්‍යෝන්‍ය වශයෙන් ගරු කරමින් සාධාරණ ලෙස කටයුතු කරමින් සිටී. දෙපාර්ශ්වයේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කෙරෙහි දෙරට අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දෙන අතර වෙළඳාම, ආයෝජන ,සංස්කෘතිය, අධ්‍යාපනය හා වෛද්‍ය සේවා යන ක්ෂේත්‍ර වල පවතින සහයෝගීතාවන් විශාල ජයග්‍රහණ ලබා ගත් බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. 

චීන-මෝල්ටා සබඳතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් Myriam Spiteri Debono මහත්මිය සමඟ එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව සංවර්ධනය කරමින් ප්‍රායෝගික සහයෝගීතා තහවුරු කර නව වර්ධන අවස්ථා තුළින් දෙරට ජනතාවට වඩාත් වැඩි ජයග්‍රහණ ලබා ගැනීම පෙළඹවීමට සූදානම් බව ෂී ජින්පිං මහතා  පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම