කාන්තාවකට තනිව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව බව සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි
2024-04-04 17:33:57
Share with:

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝකප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකට අනුවය.

තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන්වේ.

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන තිබීම, යුනෙස්කෝ ලෝක උරුම මෙන්ම නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ෂණීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස නම් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම