චීනයේ තායිවාන ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 10 ක් මිය ගොස් 1,050 ක පිරිසක් තුවාල ලබති
2024-04-04 15:43:07
Share with:

අද (4) පෙරවරු 6:40 දක්වා, චීනයේ තායිවාන ප්‍රදේශයේ සිදු වූ ප්‍රධාන කම්පන සහ පසු කම්පන සංඛ්‍යාව 306 දක්වා ළඟා වී ඇති බව වාර්තා වෙයි.

එහි දී මිනිත්තු 10 කට අඩු කාලයකදී පසු කම්පනයක් සිදු වී ඇත. භූමිකම්පාව හේතුවෙන් නැගෙනහිර තායිවාන ප්‍රදේශයේ ‍අධිවේගී මාර්ග කඩාවැටීම්වලට ලක් වී ඇති අතර, පුද්ගලයින් 72 දෙනෙක් පමණ එහි සිරවී සිටින බව වාර්තා වේ.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ (3) තායිවාන ප්‍රදේශ‍යේ Hualien කෝරළයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 10 ක් මිය ගිය අතර,  1,050 ක පිරිසක් තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම