දකුණු චීන මුහුදු කලාපයේ ස්වාධිපත්‍යය චීනයට හිමි බවට බ්‍රිතාන්‍ය ලේඛකයෙකුගෙන් හෙළිදරව්වක්
2024-04-04 15:37:52
Share with:

දකුණු චීන මුහුදු කලාපයේ දූපත්වල ස්වාධිපත්‍යය චීනයට හිමි බව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර නීති පිළිබඳ විශේෂඥ Anthony Carty මහතාගේ ග්‍රන්ථයකින් හෙළි වෙයි.

ඉතිහාසයේ සිටම දකුණු චීන මුහුදු කලාපයේ දූපත් චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් එහි ස්වාධිපත්‍යය චීනයට හිමිවීම සඳහා පූර්ණ ඓතිහාසික හා නීතිමය සාක්ෂි සොයා ගත් බවත් Anthony Carty මහතා පවසා ඇත.

බෙයිජිංහි පසුගියදා පැවති ශාස්ත්‍රීය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ‘දකුණු චීන මුහුදු කලාපයේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය’ නමැති තම ග්‍රන්ථය නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය විස්තර කළේය. දශකයකට වැඩි කාලයක් පුරා ඔහු 19වන සියවසේ සිට දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ජාතික ලේඛනවල සටහන් කරුණු අධ්‍යයනය කරමින් ප්‍රායෝගික සමීක්ෂණයන් ද සිදු කිරීමෙන් අනතුරුව, එම කලාපයේ දූපත් හා ගල්පර පිළිබඳ ඉතිහාසය පැහැදිලිව සකස් කර ඇත. දකුණු චීන මුහුදු කලාපයේ විවිධ දූපත් හා ගල්පරවල ස්වාධිපත්‍යය චීනයට අයිති වන බව ඉන් සනාථ වී තිබේ.  ඔහුගේ උත්සාහය දකුණු චීන මුහුදු කලාපයේ දූපත්වල ස්වාධිපත්‍යය අධ්‍යයනය කිරීමට වැදගත් ඓතිහාසික හා ජාත්‍යන්තර නීතිමය සාක්ෂි ගොන්නක් සපයා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම