නේටෝ සංවිධානය නැවත සීතල යුද මානසිකත්වයට පැමිණ සිටින බව රුසියාව පවසයි
2024-04-04 15:55:25
Share with:

නේටෝ සංවිධානය ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නේටෝව නැවතත් සීතල යුද මානසිකත්වයට පැමිණ ඇති බව රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය ඊයේ (3) ප්‍රකාශ කළාය.

නේටෝ සංවිධානය හා රුසියාව අතර පවතින සබඳතාව සීතල යුද සමයට පැමිණ ඇතැයිද වත්මන් බහු ධ්‍රැව ලෝකයේ නේටෝ සංවිධානයට පිළිගැනීමක් නොමැති බව ද ඇය පැවසුවාය.

1949 වසරේ අප්‍රේල් 4 වනදා ඇමරිකාව යන බටහිර රටවල් වොෂින්ටනයේදී උතුරු අත්ලාන්තික් ගිවිසුම අත්සන් කර උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම එම වසරේ අගෝස්තු මස 24 වනදා ඒ ඒ රටවල් අනුමත කිරීමේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු එම සංවිධානය නිල වශයෙන් ස්ථාපිත කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම