ලොව පුරා දරුණු සන්නද්ධ ගැටුම්වලට මුහුණ දී සිටින දරුවන්ට හදිසි මානුෂීය සහනාධාර ලබා දීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
2024-04-04 15:32:31
Share with:

“සන්නද්ධ ගැටුම්වලදී සහාය අවශ්‍ය වඩාත්ම අහිංසක වින්දිතයන් සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ළමයින්” බව එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා අවධාරණය කරයි. 

ළමුන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට ඊයේ (3) එක් වෙමින් ඔහු මේ බව පැවසීය. 

මෝල්ටාව මෙවැනි රැස්වීමක් කැඳවීමට මුලපිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ Geng Shuang මහතා මානුෂීය බාධක ඉවත් කිරීමට ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය. 

දරිද්‍රතාවයට, අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවා සඳහා නිසි අවස්ථා  නොමැතිකම වැනි ගැටුම්වලට මූලික හේතු නිරාකරණය කිරීම සඳහා පුළුල් සංවර්ධන මුලපිරීම් ද ඔහු ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම