ගාසා තීරයේ බොහෝ වෛද්‍ය සේවා ක‍ඩාවැටීමකට ලක් ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2024-04-04 15:59:03
Share with:

ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අතරතුර උතුරු ගාසා තීරයේ Al-Shifa රෝහල විනාශ වූ පසු රෝගීන් විශාල ප්‍රමාණයක් කඩිනමින් ඉවත් කර වෛද්‍ය ආධාර ලබා ගත යුතු බවත්, නැතහොත් රෝගීන් බොහෝ පිරිසක් මිය යනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (3) පැවසීය.

වත්මන් ගාසා තීරයේ වෛද්‍ය සේවා කඩා වැටීමකට මුහුණ දෙමින් සිටී. රෝගීන් දහස් ගණනක් අදාළ ස්ථානයෙන් ඉවත් කළ යුතු අතර වෙනත් ප්‍රදේශයන්හි වෛද්‍ය ආයතනවල ප්‍රතිකාර ලබා දිය යුතු ය. 

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ Al-Shifa රෝහලට හා උතුරු ගාසා තීරයේ දැනට පවතින වෛද්‍ය පහසුකම් සඳහා ඖෂධ ඉන්ධන හා ආහාර ප්‍රවාහනය කිරීමට සිය සංවිධානය උත්සාහ දැරූ නමුත් බොහෝ ඉල්ලීම් ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම