ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් විදේශකයින් මිය යාම පිළිබද රටවල් රැසකින් දැඩි විරෝධයක්
2024-04-03 11:13:47
Share with:

ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් ජාත්‍යන්තර පුණ්‍යායතනවල කාර්යමණ්ඩල සාමාජිකයින් 7 දෙනෙක් පසුගිය දා(01)මිය ගියහ. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ තවත් බොහෝ රටවල් ඊයේ(02) මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අරඹන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම්, පූර්ණ සහ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව ඊයේ(02) ඇමරිකා රාජ්‍ය ලේකම් Antony John Blinken මහතා ප්‍රංශ විදේශ අමාත්‍ය Stéphane Séjourné මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත.

ප්‍රංශ විදේශ අමාත්‍ය Séjourné මහතා ද එම මාධ්‍ය හමුවේදී ප්‍රහාරයට විරෝධය පළ කළ අතර මානුෂීය සහන සපයන සේවකයින් සහ අනෙකුත් අදාළ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුගත වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.

වහාම විමර්ශන අරඹා ජාත්‍යන්තර ප්‍රජාවට පූර්ණ හා විවෘත පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් එහි සම්පූර්ණ වගකීම දරන ලෙසත් බ්‍රිතාන්‍යය සහ පෝලන්තය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම