සංචාරක ව්‍යාපාරයට බස්-වෑන් ගෙන්වන්න අවසර හිමිවෙයි
2024-04-03 14:49:24
Share with:

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය වාහන ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

කල් ඉකුත් වූ වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව අත් කරගෙන සිටින කීර්ති නාමයට යම් හානියක් සිදුවෙතැයි  පෙනී ගොස් ඇති බව රජය කියා සිටී.

ඒ අනුව විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයන් ප්‍රවාහනයට ආසන 6-15  දක්වා වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 හා ආසන 30-45 දක්වා බස් රථ 250ක් ආනයනය  කිරීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම