18% දක්වා වැට් බදු වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2024-04-03 14:48:35
Share with:

එකතු කළ අගය මත බදු 15% සිට 18% දක්වා වැඩි කිරීමට අදාල බදු පනත් නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (2) සම්මත විය.

එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 19ක් හිමි විය.

බදු පැනවීම රුපියල් මිලියන අසූවේ සිට මිලියන හැට දක්වා අඩු කිරීම හේතුවෙන් බිලියන 16ක් සහ වැට් බදු වැඩි කිරීමෙන් හිමි වන රුපියල් බිලියන 139ක ආදායමත් ඇතුළුව බිලියන 145ක් රජයට උපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පත ද එදින පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගැනිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම