ලංකා ආර්ථිකය පියවර 50කින් ඉදිරියට පැමිණි බව ලෝක බැංකුව පවසයි
2024-04-03 14:47:48
Share with:

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙම වසරේදී සියයට 2.2ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත. එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟා කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවත් එම ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ. කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය මුදල විශාල සහායක් වූ බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම