උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
2024-04-03 11:13:13
Share with:

උතුරු කොරියාව අන්තර් පරාසයේ අධිධාවනික හෙවත් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් ඊයේ(02) සාර්ථකව අත්හදා බැලූ බව කොරියානු රජයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

එම වාර්තාවලට අනුව, අලුතින් නිපදවන ලද මෙම Hwasongfo-16B නම් හයිපර්සොනික් පුපුරන ද්‍රව්‍ය ද අඩංගු අන්තර් පරාසයේ ශක්තිමත් ඉන්ධන බැලස්ටික් මිසයිලයක් එරට දියත් කළ පළමු අවස්ථාව ද මෙයයි. එය Pyongyang නගරයට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක දී දියත් කර ඇත.

මෙම අත්හදා බැලීම අසල්වැසි රටවල ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව ද කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත

මෙම මිසයිලය DPRK ආරක්ෂක විද්‍යාව හා එම තාක්‍ෂණයේ නිරපේක්ෂ වාසිය පෙන්නුම් කළ හැකි උසස් මට්ටමේ බලගතු ප්‍රහාරක අවියක් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් මහතා ද ප්‍රකාශ කර ඇත. මෙය වේගවත්, නිවැරදි හා බලගතු ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයක් වන අතර එය අදාළ සංවර්ධන ක්ෂේත්‍රයේ පක්ෂයේ මූලධර්මයන් ද සාර්ථකව අනුගමනය කිරීම පෙන්නුම් කරයි. එමෙන්ම සිය රට තුළ ජාතික ආරක්ෂක හැකියාව ක්‍රමානුකූලව වැඩිදියුණු කිරීමට උත්සාහ කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම