සිරියාවේ ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්
2024-04-03 11:04:03
Share with:

ඉරානයේ ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවේ ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වයි.  

ඊයේ(2) පැවති එම රැස්වීමේ දී එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග සහ ආසියා ශාන්තිකර කටයුතු පිළිබඳ සහකාර මහලේකම්වරයා එහිදී අදාළ තත්වය දැනුවත් කළේ ය. ඔහු එහිදී ප්‍රහාරය ‍‍පිළිබද මහ ලේකම්වරයාගේ හෙළාදැකීම යළිත් පළ කළ අතර, ඒ ඒ පාර්ශ්වයන් සියලු ජාත්‍යන්තර නීතිය යටතේ තම වගකීම්වලට අවනත විය යුතු බව ඔහු අවධාරණය ‍කළේ ය.

ආරක්ෂක මණ්ඩලයේ බොහෝ සාමාජිකයන් මෙම ප්‍රහාරය හෙළා දුටු අතර, අදාළ තත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීමට සියලු පාර්ශවයන් සෑම උත්සාහයක්ම ගත යුතු බව අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ ඇමරිකානු ස්ථාවර උප නියෝජිතයා සිය කතාවේදී, ඇමරිකාව මෙම ක්‍රියාවට සම්බන්ධ බවට නැගෙන චෝදනා නැවත වරක් ප්‍රතික්ෂේප කළ අතර, මෙම පදනම මත කිසිදු උත්සන්න ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස‍ට ඉරානයට අනතුරු ඇඟවීය.

ඉරාන නියෝජිතයා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, ඇමරිකාව කලාපීය අස්ථාවරත්වය අපේක්ෂා කරන බවයි. ඊශ්‍රායල නියෝජිතයා මෙම රැස්වීමට සහභාගී නොවිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම