රට හරිතකරණය කිරීම සඳහා සෑම කෙනෙකුම තම කාර්යභාරය ඉටු කළ යුතු බව චීන ජනපති කියයි
2024-04-03 19:37:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්වේච්ඡා රුක් රෝපණ ක්‍රියාකාරකමකට එක් වෙයි. එම ක්‍රියාකාරකම අද (3) පෙරවරුවේ බෙයිජිංහිදී පැවැත්විණ.

සුන්දර චීනයක් ගොඩනැගීමටත්, මිනිසා සහ සොබාදහම සුසංයෝගීව සහජීවන‍ය සහිත චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ප්‍රවර්ධනය කිරීමටත්, සියලු දෙනාම එක්ව හරිත කටයුතුවල යෙදෙන ලෙසට මෙම ක්‍රියාකාරකමෙන් ඉල්ලා සිටින බව ෂී ජින් පිං මහතා එහිදී අවාධරණය කළේය.

රට හරිතකරණය කිරීම සඳහා, හරිත ව්‍යාපෘති පුළුල් කිරීම, දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම එක්ව සිදු කළ යුතු බව ද ඔහු කීය. ඒ සඳහා සෑම කෙනෙකුම තම කාර්යභාරය ඉටු කළ යුතුය. විවිධ සම්පත් භාවිත කර, ජනතාව අතර ස්වේච්ඡා රුක් රෝපණ ව්‍යාපෘති වඩාත් ගැඹුරු හා ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම