ඇමරිකාව තම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු යැයි චීනය පවසයි
2024-04-03 17:24:30
Share with:

ඇමරිකාව චීනයේ ස්වාධිපත්‍යයට ගරු කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල කිරීමටත් මැදිහත්වීමටත් උත්සාහ නොකළ යුතු යැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඊයේ(2) චීන ඇමරිකා නායක දෙපළ සිදු කළ දුරකථන සංවාදයේදී බයිඩන් ජනාධිපතිවරයා රෙන්අයි ගල්පරය, හොංකොං, ෂින්ජියං, ටිබෙට් පිළිබඳ ප්‍රශ්න සඳහන් කළ අතර, රුසියාවට අනුබලය නොදක්වන ලෙසත් කොරියානු අර්ධද්වීපයේ ප්‍රශ්නය පිළිබඳව වඩාත් සංවර්ධනාත්මකව කටයුතු කරන ලෙසත් චීනයෙන් ඉල්ලීම් කළ බව සඳහන් කළ මාධ්‍යවේදියා ඊට චීනයේ ප්‍රතිචාරය කුමක් දැයි විමසීය.

රෙන්අයි ගල්පරය පිළිබඳව මතුවූ ගැටළුවට හේතුව, පිලිපීනය සිය පොරොන්දු කඩකර චීනයට අයත් මිනිසුන් රහිත ගල්පරය මත සිය නිශ්චිත ආරක්ෂක පහසුකම් ඉදි කිරීමට උත්සාහ කිරීම යැයි එම සංවාදයේදී චීන පාර්ශ්වය පැහැදිලි කළ බව වං වෙන්බින් මහතා පැවසීය. දකුණු මුහුදු ගැටළුවට සම්බන්ධ පාර්ශ්වයක් නොවන ඇමරිකාව, චීනය හා පිලිපීනය අතර ගැටුමට මැදිහත් නොවිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.

   හොංකොං විශේෂ පරිපාලන කලාපය, ෂින්ජියං උයිගුර් ස්වායත්තය, ටිබෙට් ස්වායත්තයට අදාල කරුණු චීනයේ අභ්‍යන්තර කටයුතු  වේ. අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් ව මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව සමග අදහස් හුවාමරුව පුළුල් කිරීමට චීනය කැමති වුවද එම ප්‍රශ්නය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට විරුද්ධ වන්නේ යැයි එම සංවාදයේදී පැහැදිලි කෙරුණු බව වං වෙන්බින් මහතා විස්තර කළේය.

   චීනය යුක්‍රේන අර්බුදයේ පාර්ශ්වකරුවෙක් හෝ නිර්මාණකරුවා නොවන අතර, ඕනෑම පාර්ශ්වයකට මාරාන්තික අවි සපයා නොමැත. එමෙන්ම සෙසු රටවල් චීනය හා රුසියාව අතර විධිමත් සම්බන්ධකම් අපහාසයට ලක් නොකළ යුතු ය.

කොරියානු අර්ධද්වීප ගැටළුවේ කේන්ද්‍රය වන්නේ ඇමරිකාව හා උතුරු කොරියාව අතර ගැටුම බවත් ඒ ප්‍රශ්නයේ යතුර ඇමරිකාව සතුව ඇති බවත් චීන පාර්ශ්වය ඇමරිකාවට දන්වා ඇතැයි වං වෙන්බින් මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම