චීන සහ ඇමරිකානු ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වෙති
2024-04-03 10:00:09
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකා ජනාධිපති ‍ජෝ බයිඩන් මහතා දුරකථන සංවාදයක නිරත වෙති.දෙරටේ ජනාධිපතිවරු චීන ඇමරිකා සබඳතා මෙන්ම පොදු සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.චීන ජනාධිපති ෂී ජින්පිංමහතා එහිදී සඳහන් කළේ ජනාධිපති බයිඩන් මහතා සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති සැන්ෆැන්සිස්කෝ හමුව අනාගතය මත පදනම්වූ සැන්ෆැන්සිස්කෝ දැක්මක් විවර කළ බවයි.ගෙවුනු මාස කිහිපය පුරා දෙරටේ නිලධාරීහූ එම එකඟතාවන් ක්‍රියවට නැංවීම සඳහා  උනන්දු වූහ. දෙරටේ සබඳතා ස්ථාවරවීමේ ආරම්භයකට පිවිස තිබේ.එය දෙරටේම සමාජයන්ගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ප්‍රසාදයට ලක්ව ඇත. ඒ අතරම සබඳතාවන්ට අදාළ සෘණාත්මක කරුණු ද වර්ධනය වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු විය යුතුය.උපායමාර්ගික අවබෝධය සැමවිටම චීන ඇමරිකා සබඳාවන්හී මූලධර්මය බවට පත්වන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.එය පළමුවෙන් දැමිය යුතු කමිසයක බොත්තම මෙන් යැයිද උදාහරණයක් ගෙන දෙමින් හෙතෙම පෙන්වා දුන්නේය. චීනය හා ඇමරිකාව වැනි විශාල රටවල් සිය සබඳාතාවන් අත්නොහැරිය යුතු අතර එකිනෙකාට පිටුනොපෑ යුතු බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.ගැටුමකට නොයා ඔවුනොවුන්ට ගරු කළ යුතුය.සාමය මත එල්බ සිටිමින් පොදු සහ‍යෝගතාවන් ලුහුබැඳිය යුතු බවද චීන ජනාධිපතිවරයා පැවසීය.මෙම වසරේ චීන ඇමරිකා සබඳතාවට අදාළ මූලධර්ම තුනක් චීන ජනාධිපතිවරයා විසින් එහිදී පැහැදිලි කරන ලදි.ඉන් පළමුවැන්න සාමය අගය කිරීමය.දෙපාර්ශ්වය ගැටුම්වලින් තොර පදනමක් පවත්වා ගත යුතුය .සබඳතාවන්හී ධනාත්මක ස්වරූපය තවදුරටත් වර්ධනය කළ යුතුය.දෙවනි මූලධර්මය ‍වශයෙන් ස්ථාවරත්වය අනිවාර්යෙන් ප්‍රමුඛ කොට සැලකිය යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.සමස්ත ස්ථාවරත්වය සුරැකෙන පරිදි ප්‍රකෝපකාරී සිද්ධීන් හෝ සීමා අභිබවා යාමෙන් දෙපාර්ශ්වය වැළකිය යුතුය.තෙවැන්න විශ්වසනීයත්වය සුරැකිය යුතුය.දෙපාර්ශ්වය සිය ප්‍රතිඥාවන් ක්‍රියාවෙන් ඔප්පුකර දැක්වීම වැදගත්ය.සැන්ෆැන්සිස්කෝ දර්ශනය යථාර්ථයක් බවට පත් කිරීමට ක්‍රියා කිරීමද තුන්වන මුලධර්මයට අන්තර්ගත වෙයි.

චීන ජනාධිපතිවරයා එම දුරකථන සංවාදයේ දී වැඩිදුරටත් අවධාරණය කළේ තායිවාන ප්‍රශ්ණය චීන ඇමරිකා සබඳාතවන්හී රතු රේඛාව බවයි.එය හරහා කිසිසේත් ‍නොයා යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ.තායිවාන ස්වාධීනත්වය මුවාවෙන් සිදු කෙරෙන බෙදුම්වාදී ක්‍රියාවන් සහ එය දිරිගන්වන හා ඊට දක්වන සහායන් කෙරෙහි චීනය නිසොල්මනේ බලා නොසිටින බවද චීන ජානාධිපතිවරයා අවධාරණය ක‍ළේය.තායිවාන ස්වධීනත්වයට සහාය නොදක්වන බවට ඇමරිකා ජනාධිපතිවරයා ලබා දී ඇති ප්‍රතිඥාව  ශක්තිමත් ක්‍රියාවක් ලෙසට පරිවර්තනය කරන මෙන්ද හෙතෙම ඇමරිකා පාර්ශ්වයට අවධාරණය කළේය. ඇමරිකාව චීනයේ වෙළඳ හා තාක්ෂණ සංවර්ධනය යටපත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. බො‍හෝ චීන ආයතව සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.මෙය අවදානම් අඩු කිරීමක් නොව අවදානම් නිර්මාණය කිරීමක් ලෙසට චීන ජනාධිපතිවරයා විසින් හදුන්වා දෙන ලදි.චීන සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා ගැනීමට ඇමරිකා පාර්ශ්වය අපේක්ෂා කරන්නේ නම් චීන සැමවිටම සිය  දොර විවෘතව තබන බවත් එසේ නොකර චීන අධි තාක්ෂණ සංවර්ධනය‍ට බාධා සිදු කරන්නේ නම් චීනය එ සමබන්ධයෙන් කිසිවක් නොකර බලා නොසිටින බවත් චීන ජනාධිපතිවරයා පැවසීය.එම දුරකථන  සංවාදයේ දී අදහස් දැක්වූ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇමරිකා චීන සබඳතා ලොව වඩාත් වැදගත්ම සබඳතාව ලෙසට හඳුන්වා දුන්නේය. වෙනස්කම් කළමණාකරනය කරමින් දෙපාර්ශ්වයේ සහයෝගතා පැවත්විය හැකි බවට සැන්ෆැන්සිස්කෝ හමුවෙන් පිළිබිඹු වූ බවද හෙතෙම කීය.

ජනාධිපති බයිඩන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ඇමරිකාව නව සීතල යුද්ධයක් අපේක්ෂා නොකරන බවයි.චීනයේ ක්‍රමය වෙනස් කිරීම තම අභිලාෂය නොවන බවද හෙතෙම කීය.ඇමරිකාවේ හවුල්කරුවන් චීනයට එරෙහිව ක්‍රියා නොකරන බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය.ඇමරිකාව තායිවාන ස්වාධීනත්වයට සහාය නොදෙන අතර චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට ද අපේක්ෂා නොකරයි. ඇමරිකාව එකම  චීනය ප්‍රතිපතිතය අනුගමනය කරන බවද හෙතෙම අවධාරණය කළේය.චීන සංවර්ධනයට බාධා කිරීමට ඇමරිකාව අපේක්ෂා නොකරන බවද බ‍යිඩන් ජනාධිපතිවරයා කීය.චීනයෙන් වෙන්වී යාමට ද ඇමරිකාවේ බලාපොරොත්තුවක් නොමැත. එම සංවාද‍යේදී දෙරටේ ජනාධිපතිවරු යුක්‍රේන අර්බුදය,කොරියා අර්දවීපයේ තත්ත්වය සහ සෙසු කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ.දුරකථන සංවාදය සුහද හා අර්ථවත් අයුරින් සිදුවූ බව දෙරටේ ජනාධිපතිවරුන්‍ගේ අදහස විය.සංනිවේදනයන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම