පිලිපීනයේ චෝදනා නීති උල්ලංඝනය කිරීමේ සිය ක්‍රියාව සැඟවීමේ උගුලක් - චීනය
2024-04-03 17:15:12
Share with:

‘රෙන්අයි’ ගල්පරය පිළිබඳ ප්‍රශ්නය විශාල රටක් හා කුඩා රටක් පිළිබඳ ප්‍රශ්නයක් නොව නීත්‍යනුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයක් බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(3) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. පිලිපීන ආරක්ෂක අමාත්‍ය Gilbert Teodoro මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් හෙතෙම ප්‍රතිචාර දක්වා ඇත. 

විශාල රටක් වන චීනය කුඩා රටක් වන පිලිපීනයට හිරිහැර කරන බවට පිලිපීනය චීනයට චෝදනා කර ඇත. එහෙත් චීනයේ නන්ෂා දූපත්වල භූමිය නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම, නීති උල්ලංඝනය කිරීමේ සිය ක්‍රියාව සම්බන්ධයෙන් පිලිපීනය කිසිවක් සඳහන් නොකරයි. එය සැබෑ ප්‍රචාරක "උගුල"ක් බවද වං වෙන්බින් මහතා පැවසීය.

‘රෙන්අයි’ ගල්පරය පිළිබඳ ප්‍රශ්නය විශාල රටක් හා කුඩා රටක් පිළිබඳ  ප්‍රශ්නයක් නොවේ. එය නීත්‍යනුකූලද නැද්ද යන්න පිළිබඳ  ප්‍රශ්නයකි. සත්‍යයට ගරු කරමින් චීනය හා පිලිපීනය අතර එළඹ ඇති අදාළ තීරණයන් අනුගමනය කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. එමෙන්ම‘දකුණු චීන මුහුදු ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ක්‍රියා ප්‍රකාශනයේ’නියාමන, චීනය හා ආසියාන් රටවල් එළඹ ඇති පොදු එකඟතාවන් අනුගමනය කරමින් හැකි ඉක්මනින් සංවාදය හා සාකච්ඡා මගින් නිසි ආකාරයෙන් මතභේදයන් පාලනය කිරීමේ නිවැරදි මාවතට නැවත පැමිණෙන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම