චීනය ඇතුළු රටවල් 7කට වීසා ගාස්තු සහනය දීර්ඝ කිරීමට පියවර
2024-04-02 16:23:06
Share with:

චීනය ඇතුළු විවිධ රටවල සංචාරකයින් සඳහා වීසා ගාස්තු අය නොකිරීමේ ප්‍රතිපත්තිය අප්‍රේල් අග භාගය වන තෙක් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් හතේ සංචාරකයින් කෙරේ වීසා ගාස්තු අය නොකිරීම අ‍ප්‍රේල් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවත් මේ පිළිබඳ අවසාන තීරණය ඉදිරි සති කිහිපයක් තුළ සිදු කෙරෙන බවත් ඊයේ(1) අමාත්‍යවරයා කියා සිටියේය.

2024 වසරේ මාර්තු 31වනදා වන විට චීනය, ඉන්දියාව, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව හා තායිලන්තය යන රටවල් හතේ සංචාරකයින් කෙරේ නොමිලේ වීසා ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට 2023 වසරේ ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම