අප්‍රේල් මස සිට පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ
2024-04-02 16:40:43
Share with:

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන අප්‍රේල් මස සිට ඇරඹේ.

වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහණය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර තිබේ.

එම ශිෂ්‍යාවන් අතරින් අති දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් ලක්ෂ 8කට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම