14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා අදාළ ආයතනවලට යොමු කෙරේ
2024-04-02 11:11:41
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා  අදාළ ආයතනවලට යොමු කෙරේ.

පසුගිය මාර්තු මාසයේ පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරයට එක්වූ මහජන නියෝජිතයන් අදහස් හා යෝජනා 9235ක් ඉදිරිපත් කර ඇත. සිය කමිටුවේ ප්‍රධානත්වයෙන් එම අදහස් හා යෝජනා සමාලෝචනය කර නිත්‍යනුකූලව අදාළ ආයතන 213ක් වෙත එම යෝජනා  බාර දී ඇතැයි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ප්‍රකාශ කර තිබේ.

පාලක කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ සංවර්ධනය මූලික කරගෙන මහජන නියෝජිතයන් ඉදිරිපත් කළ එම අදහස් හා යෝජනා 9235ට , නව ගුණාත්මක ඵලදායීතාව ඉහළ නංවාලීම, ව්‍යාපාරික පරිසරය ප්‍රශස්ත කිරීම, අධ්‍යාපන හා විද්‍යා තාක්ෂණ කුසලතා පද්ධතියේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාර සේවා ජාල වර්ධනය ඇතුළු කරුණු ඇතුළත් ය. එම අදහස් හා යෝජනා බාර ගෙන මහජන නියෝජිතයන් හා මහජනතාවගේ අවශ්‍යතා හා ගැටළුවලට නිසි ප්‍රතිචාර දක්වන ලෙස චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව අදාළ ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම