එක්සත් ජාතීන්ගේ සාගර නීති ගිවිසුමට අත්සන් නොකරන ඇමරිකාවට පිටත මහද්වීපික ජල භූමිය පාලනයට අයිතියක් නොමැත--චීනය
2024-04-02 17:12:19
Share with:

එක්සත් ජාතීන්ගේ සාගර නීති ගිවිසුමට අත්සන් නොකරන රටක් ලෙස ඇමරිකාවට පිටත මහද්වීපික ජල භූමිය පාලනයට අයිතියක් නොමැති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. Financial Times පුවත්පතේ වාර්තාවකට අනුව, නාවික සැතපුම් 200කට පිටත මහද්වීපික ජල භූමියේ සීමා නිකුත් කරමින් ඇමරිකාව පොහොසත් පතල් සම්පත් සහිත මුහුදු පතුල විශාල ප්‍රදේශයක් සිය පාලනයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා අදහස් පළ කළේය.

ඇමරිකාවේ මෙම පියවර ඒකපාර්ශ්වික සහ අධිපතිවාදී ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ සාගර නීති ගිවිසුමේ අත්සන් නොකරන රටක් ලෙස ඇමරිකාවට ඒ සඳහා අයිතියක් නොමැත. එමෙන්ම මහද්වීපික ජල භූමි සීමා කිරීමේ කමිටුව හරහා අදාළ සීමා සාකච්ඡා කිරීමට ද ඇමරිකාවට අයිතියක් නොමැත. ඇමරිකාවේ ඒකපාර්ශ්වික ඉල්ලීම නීති විරෝධී හා වලංගු නොවේ. එය ජාත්‍යන්තර නීති දැඩි ලෙස උල්ලංඝනය කරන බව හෙතෙම පැවසීය.ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීමේදී තම වාසියට අනුකූල වුවහොත් පමණක් ඇමරිකාව එය ක්‍රියාත්මක කරන අතර ඊට අනුකූල නොවූ විට එය අත්හැර දැමීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රායෝගිකත්වය හා අධිපතිවාදී ස්වභාවය මෙමඟින් යළි පිළිබිඹු වන බවද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම