ප්‍රධාන ආර්ථික දර්ශක තුනක් මගින් පිළිඹිබු කෙරෙන අනාගත චීන ආර්ථිකයේ ධනාත්මක අපේක්ෂාවන්
2024-04-02 11:17:53
Share with:

මේ දිනවල, චීන‍ ආර්ථික අපේක්ෂාව සඳහා වන ප්‍රධාන දර්ශක තුන සමගාමීව ඉහළ යාමක් පෙන්නුම් කරයි. මෙය ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක්ව ඇත.

එම ප්‍රධාන දර්ශක තුන වනුයේ මිලදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකය(PMI), නිෂ්පාදන කර්මාන්ත නොවන ව්‍යාපාරික ක්‍රියාකාරීත්ව දර්ශකය (Non-manufacturing business activity index) සහ විස්තීර්ණ PMI දර්ශකය යි. චීනයේ නවතම නිල දත්තවලට අනුව, ගෙවී ගිය මාර්තු මාසයේ, PMI දර්ශකය, නිෂ්පාදන කර්මාන්ත නොවන ව්‍යාපාරික ක්‍රියාකාරීත්ව දර්ශකය හා විස්තීරණ PMI දර්ශකය පිළිවෙළින් සියයට 50.8, 53.0 සහ 52.7කි. පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂ ව එම දර්ශක පිළිවෙළින් සියයට 1.7, 1.6 හා1.8ක වර්ධනයන් පෙන්නුම් කරයි. ඒ අතරින්, ගෙවී ගිය මාර්තු මාසයේ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාකාරීත්වයේ ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පසුගිය මාස 6 තුළ පළමු වරට දැක ගත හැකි වූ අතර, පසුගිය වසර තුළ එය නව වාර්තාවක් ද බිහි කර තිබීම විශේෂත්වයකි. චීන නිෂ්පාදන කර්මාන්තයේ අනාගතය ධනාත්මක වර්ධනයක පවතින බවත් සමස්ත ආර්ථික තත්ත්වය ස්ථාවර අයුරින් පවතින බවත් ඇමරිකානු Bloomberg ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු විදෙස් මාධ්‍යයන්ගේ ද මතයයි.

මෙම දර්ශකයන් තුන ම සමගාමී ව ඉහළ ගොස් තිබීම මගින් විචාරකයන් චීන ආර්ථිකය කෙරෙහි දරන ධනාත්මක පුරෝකථන ද සනාථ වී ඇත. එසේ ම, ඇතැම් බටහිර මාධ්‍ය ප්‍රකාශයට පත් කළ ඊනියා ‘චීන ආර්ථික වර්ධනය උපරිමයට ළඟා වී තිබීම’යන ප්‍රකාශය ද එමගින් අසත්‍යයක් වී ඇත.

චීන ආර්ථිකයේ මෙලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය. අභ්‍යන්තර ඉල්ලුම යළි ඉහළ ගොස් තිබීම හා බාහිර ඉල්ලුම වර්ධනය වීම පමණක් නොව, චීන රජයේ අදාළ ප්‍රතිපත්ති සාධනීය ලෙස ක්‍රියාවට නැංවීම ද ඊට හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ආර්ථිකය ස්ථාවර අයුරින් ඉදිරියට ගෙන යාම, අභ්‍යන්තර ඉල්ලුම පුළුල් කිරීම , විදේශ වෙළඳාම සහතික කිරීම පිළිබඳ ප්‍රතිපත්තීන් ද ඊට හේතු වී ඇත.

ලෝකයේ දෙවැනි දැවැන්තම ආර්ථික ඒකකය ලෙස චීන ආර්ථිකය යහපත් ප්‍රවණතාවක් සනිටුහන් කිරීම සමස්ත ලෝකයටම හිතකර ය. නව ගුණාත්මක ඵලදායිතා වර්ධනය ‍කඩිනම් කිරීමෙන් නවෝත්පාදන ප්‍රගතීන් රැසක් ඔස්සේ චීනය ලෝකයට සුබසෙත ලබා දෙනු ඇතැයි ඇමරිකා‍නු Brookings ආයතනයේ උසස් පෙළේ පර්යේෂක Christopher A. Thomas මහතා ද පවසයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම