ඊශ්‍රායලය සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ගොඩනැගිල්ලට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි
2024-04-02 10:05:08
Share with:

සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාරයක් එල්ල  කරයි.  ඊයේ (1) එල්ල කළ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරියාවේ ඉරාන තානාපති Hussein Akbari මහතා පැවසීය.

ඊයේ (1) පස්වරුවේ 5.00 ට පමණ ඊශ්‍රායලය අත්පත් කර ගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ සිට ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ. එමඟින් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව ඇති අතර විශාල පිරිසක් තුවාල ලැබූ බව ප්‍රහාරයෙන් පසු සිරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ප්‍රහාරයෙන් පසු සිරියානු විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා ඉරාන තානාපති කාර්යාලයට ගියේය. ඔහු ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා සමග පැවති දුරකථන සාකච්ඡාවේ දී මෙම මිසයිල ප්‍රහාරයට සිය දැඩි විරෝධය පළ කරමින් එය හෙළා දැක ඇත.

මෙම ප්‍රහාරය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා ද ඊයේ(1) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකිය යුතු අතර මෙවැනි“ආක්‍රමණිකයින්ට” එරෙහිව දැඩි පියවර ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම