වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට අනුමැතිය
2024-04-02 16:39:34
Share with:

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024 අයවැය යෝජනා මගින් “වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම” යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතුවල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනාගෙන ඇත.

යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම