සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය ඉලක්ක කරගත් ප්‍රහාරයට චීනයේ දැඩි විරෝධය
2024-04-02 16:17:10
Share with:

සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය ඉලක්ක කරගත් ප්‍රහාරය කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඊශ්‍රායලය සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය ඉලක්ක කරමින් ක්‍රියාත්මක කළ ප්‍රහාරය කෙරෙහි චීනය දැඩි ලෙස චෝදනා කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. රාජ්‍යතාන්ත්‍රික ආයතනයන්හි ආරක්ෂාව විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවද හෙතෙම පැවසීය.  වත්මන් මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය නොසන්සුන් වන අතර අදාළ තත්ත්වය උග්‍ර වීමේ ඕනෑම ක්‍රියාවකට චීනය විරෝධය පළ කරන බවද වං වෙන්බින් මහතා සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම