චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘතියක්
2024-04-02 11:26:29
Share with:

චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරන කමිටුව, ජාතික බලශක්ති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම හා ග්‍රාමීය අමාත්‍යංශය ඒකාබද්ධව ග්‍රාමීය ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ඇතැයි චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව ඊයේ(1) ප්‍රකාශයක් පළ කළේය. ඒ අනුව 14 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුළ ග්‍රාමීය ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවෙනු ඇත. සෑම ගම්මානයකම සුළං විදුලි ජනන ධාරිතාව මෙ‍ගාවොට් 20ක් ඉක්මවා නොයාම එම ව්‍යාපෘතිවල ප්‍රධාන ලක්ෂණයයි. එමෙන්ම ගම්මාන හා සමාගම් සහයෝගිතා පැවැත්වීම යන සුළං විදුලි ආයෝජන හා ඉදිකිරීමේ නව රටාව, පොදු සංවර්ධනය හා පොදු භාවිතය යන ප්‍රතිලාභ බෙදා හැරීමේ නව ක්‍රමය ගවේෂණය කිරීම ද එහි වි‍ශේෂත්වයන් ය.

චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් සුළං සම්පත් තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල තැනින් තැන තිබෙන බිම් ප්‍රයෝජනයට ගනිමින් සුළං විදුලි ජනනය සංවර්ධනය කරමින් භාවිතයට ගැනීම ඉන් ප්‍රවර්ධනය කෙරේ. ග්‍රාමීය බලශක්තිය හරිත මෙන්ම අඩු කාබන් පරිවර්තනයකට යොමු කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම