පාකිස්ථානයේ ත්‍රස්තවාදය මර්දනයට චීනයෙන් දැඩි සහාය
2024-04-02 17:06:16
Share with:

ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී පාකිස්ථානයට දැඩි සහාය ලබා දෙන බව චීනය පවසයි.

පසුගිය 26 වැනිදා පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම සිද්ධිය පිළිබඳව චීනය පාකිස්ථානය සමග සමීප සන්නිවේදනයක නිරත වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wan Wenbin මහතා අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

සත්‍යය සොයා ගැනීමටත්, අපරාධකරුවන් හා අදාළ සැලසුම්කරුවන්ට දඬුවම් දීමටත්, එරට වෙසෙන චීන ජාතිකයන්ගේ සහ ආයතනයන්හි ආරක්ෂාව සහතික කිරීමටත්, පාකිස්ථානය අධිෂ්ඨානශීලීව හා ශක්තිමත්ව කටයුතු කරනු ඇතැයි චීනය ‍අපේක්ෂා කරයි. එම ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට  සහය සැපයීමට චීනය කැමැත්තෙන් සිටී. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අපරාධ වෙනුවෙන් දඬුවම් ලැබිය යුතු බව Wan Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම