ගාසාහි ළමා අරමුදලට රජයෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්
2024-04-02 16:36:47
Share with:

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරයි. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පිරිනැමිණ.

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වූ “ගාසාහි ළමා අරමුදල” (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශීලී බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබේ.

2024 අප්‍රේල් 30 දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම