චීනයට අසත්‍ය චෝදනා කිරීම සහ සයිබර් ප්‍රහාර වහාම නවත්වන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-04-02 14:39:27
Share with:

චීන ජාතික පරිගණක ජාල හදිසි ප්‍රතිචාර තාක්ෂණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෑත වසරවල දී නිකුත් කළ වාර්තාවලට අනුව, චීනයට එරෙහි විදේශීය එදිරිවාදී ක්‍රියාකාරකම්වල මූලාශ්‍ර ශ්‍රේණිගත කිරීමේදී, ඇමරිකාව සෑමවිටම ඉහළින්ම සිටී.

මේ වසරේ මුල් කාර්තුව තුළ දී පමණක් ඇමරිකානු ප්‍රධාන භූමියේ සහ එහි විදේශීය හමුදා කඳවුරුවල සිට, චීනය ඇතුළු බොහෝ රටවලට එරෙහිව එල්ල කළ සයිබර් ප්‍රහාර ගණන 2000කට වඩා වැඩිය. චීනයේ පක්ෂ සහ රාජ්‍ය ආයතන, තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම්, චිප් පර්යේෂණ සහ නිෂ්පාදනය, පිරිසිදු බලශක්තිය, උසස් නිෂ්පාදන, මෘදුකාංග පර්යේෂණ හා සංවර්ධන යන ක්ෂේත්‍රවල වැදගත් ආයතන විශාල සංඛ්‍යාවක් ද ඊට ඇතුළත් වේ.

ඇමරිකාව භූ දේශපාලනික අරමුණු සඳහා, ලෝකයේ විශාලතම බුද්ධි සංවිධානය වන "Five Eyes Alliance" දිරිමත් කිරීමෙන්, ඊනියා "චීන හැකර් තර්ජනය" පිළිබඳ විවිධ අසත්‍ය තොරතුරු සම්පාදනය හා ප්‍රචාරය කරමින් සිටී.  

එමෙන්ම ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය රජයන්, මෑතකදී ඊනියා "චීන රජය සමග සම්බන්ධ" හැකර් කණ්ඩායම් කොටු කර ගැනීමට කුමන්ත්‍රණය කරමින්, සයිබර් ප්‍රහාර එල්ල කළහ. එපමණක් නොව, ඔවුහු අසාධාරණ ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම ද ආරම්භ කළහ. මෙය සාමාන්‍යයෙන් "වැරදිකරු අල්ලා ගන්න යැයි වැරදිකරු විසින්ම කෑ ගැසීම " වැනි ආකාරයේ කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාවකි. මෙලෙස සයිබර් ආරක්ෂණ ගැටළු දේශපාලනීකරණය කිරීම ද්වේශසහගත උත්සාහයක් වන අතර, මෙය චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා බරපතල ලෙස උල්ලංඝණය කරයි.

මේ පිළිබඳව චීනය දැඩි නොසතුට හා දැඩි විරුද්ධත්වය පළ කරයි. අදාළ පාර්ශ්වයන් මෙය වහාම නතර කරන ලෙස චීනය ඉල්ලා සිටී. එමෙන්ම චීනය මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම