ප්‍රධාන ක්ෂේත්‍ර පහක් තුළ උසස් තත්ත්වයේ සංවර්ධනයක් සඳහා චීනය විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනී
2024-04-01 11:45:25
Share with:

 "චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ 2035 දී ප්‍රවණතා පිළිබඳ පරිකල්පනය" යන තේමාවෙන් යුත් රටවල් පහක සහයෝගීතාවන් හා සම්බන්ධ විද්වත් පර්ෂද වාර්තාව නිකුත් කිරීම හෙවත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ(31) බෙයිජිං නගරයේදී පැවැත්විණ. මෑත වසරවලදී, නව ජීවනෝපාය, නව පරිභෝජනය, නව නිෂ්පාදන, නව යටිතල පහසුකම් සහ නව සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර පහේ උසස් තත්ත්වයේ සංවර්ධනයක් සඳහා චීනය විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එය චීනයේ Renmin විශ්ව විද්‍යාලයේ Chongyang මූල්‍ය අධ්‍යයන ආයතනය සහ ඇමරිකාව, රුසියාව, කැනඩාව සහ ඉන්දියාව යන සිව්රටවල සමුපකාර  විද්වත් පර්ෂද විසින් නිකුත් කර තිබේ. එම වාර්තාවේ සවිස්තරාත්මක දත්තවලින් එම ප්‍රධාන ක්ෂේත්‍ර පහ තුළ චීනය ලබා ඇති ප්‍රතිඵල පෙන්නුම් කෙරේ.

නවෝත්පාදන, ප්‍රතිසංස්කරණ, විවෘතභාවය සහ තිරසරභාවය මත පදනම් වූ චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත්, චීනය අනෙකුත් රටවලට ආදර්ශයක් දෙමින් මානවයන්ට යහපත් අනාගතයක් සඳහා මාර්ග සකස් කරමින් සිටින බවත් ඉන්දීය-චීන ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධන සංගමයේ මහලේකම් Mohammed Saqib මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම