පලස්තීන නව රජය දිවුරුම් දෙයි
2024-04-01 09:30:25
Share with:

පලස්තීන අග්‍රාමාත්‍ය Mohammed Mustafa මහතා ප්‍රමුඛ නව පලස්තීන රජය ඊයේ(31) Ramallah නගරයේ දී නිල වශයෙන් දිවුරුම් දුන්නේය.

පලස්තීන ජනාධිපති Mahmoud Abbas එහිදී ප්‍රකාශ කළේ නව රජය පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණය අනුගමනය කරමින් සමස්ත පලස්තීන ජනතාවට වඩාත් යහපත් සේවා සපයමින් ගාසා තීරයේ මානවහිතවාදී සහනාධාර කටයුතු උපරිම වශයෙන් ශක්තිමත් කරන බවයි. ගාසා තීරයේ හා පලස්තීනයේ ජොර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ යළි සංවර්ධනය ශක්තිමත් කිරීමෙන් පලස්තීන ආර්ථික පුනර්ජීවනය සිදු කරන බව හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍ය හා විදේශ ඇමති Mohammed Mustafa මහතා හැර අමාත්‍යවරුන් 23ක් නව පලස්තීන රජයට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම