අර්ධ සන්නායක භාණ්ඩ අපනයනය පිළිබඳ පාලන විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් චීනයෙන් ඇමරිකාවට දැඩි විරෝධය
2024-04-01 10:24:02
Share with:

අර්ධ සන්නායක භාණ්ඩ අපනයනය පිළිබඳ පාලන විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරයි.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු දැක්වීය.

පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 17වන දින නිකුත් කරන ලද අර්ධ සන්නායක භාණ්ඩ අපනයනය පිළිබඳ පාලන විධිවිධාන සංශෝධනය කරන බව ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රකාශකයා පැවසුවේ, ඇමරිකානු ව්‍යවසායකයන් ඇතුළු ලොව පුරා සිටින ව්‍යවසායකයන් ස්ථාවර හා පුරෝකථනය කළ හැකි වාණිජ පරිසරයක් බලාපොරොත්තු වන බවයි. ඇමරිකාව අදාළ විධිවිධාන අත්තනෝමතික ලෙස සංශෝධනය කොට පාලන පියවර දැඩි කිරීම, චීන සහ ඇමරිකානු ව්‍යවසායකයන්ට සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතා පවත්වාගෙන යාමට දැඩි ලෙස බාධා ඇති කරනවා පමණක් නොව, ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තයේ විශාල අවිනිශ්චිතතාවයක් ද මතු කර තිබෙන බව ද එම ප්‍රකාශකයා කියා සිටී.

මෙය චීන සහ විදේශීය ව්‍යවසායන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයට බරපතල ලෙස බලපාන අතර ව්‍යවසායකයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට ද හානි කරයි. චීනය ඇමරිකාවේ එම ක්‍රියාවට තරයේ විරුද්ධ වන බව ද ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම