අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට
2024-04-01 15:46:04
Share with:

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. එම යෝජනාව පසුගිය දා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කෙරිණ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදු කරන ලද  නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට නියමිතව ඇති බව ද සඳහන්ය.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇත.





ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම