රුසියාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සියලු පුද්ගලයන් භාර දෙන ලෙසට රුසියාවෙන් යුක්රේනයට ඉල්ලීමක්
2024-04-01 10:25:39
Share with:

රුසියාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උදර්පණ නීතිය යටතේ භාරදෙන ලෙස රුසියාව යුක්රේනයෙන් ඉල්ලයි. රුසියානු විදේශ අමාත්‍යංශය සිය නිල වෙඩ් අඩවියේ ඊයේ(31) මේ බව නිවේදනය කළේය.

මාර්තු 22වැනි දා රුසියාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මෑත වසරවලදී තම රටට එල්ල වූ පළමු ත්‍රස්ත ප්‍රහාරය නොවන බව එම නිවේදනයේ දැක්වෙයි. රුසියානු අදාළ ආයතනවල විමර්ෂණයන්ට අනුව, මෙබඳු සමස්ත සිද්ධීන් යුක්රේනය හා සම්බන්ධ වෙයි.

අන්තර්ජාතික ත්‍රස්තවාදය මර්දනය කිරීම සෑම රටකම වගකීම බව රුසියාව විදේශ අමාත්‍යංශය පවසයි. යුක්රේනය ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ලබා දෙන සහාය වහාම නතර කරන ලෙසත් ප්‍රහාරකයන් භාර දෙමින් මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙසත් රුසියාව යුක්රේනයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්රේනය ත්‍රස්ත විරෝධී ප්‍රඥප්තියේ සඳහන් වන වගකීම් හා යුතුකම් උල්ලංඝණය කර ඇති බැවින් ජාත්‍යන්තර නීතියට යටත් වන බව ද රුසියානු විදේශ අමාත්‍යංශය පවසයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම