ලිට්‍රෝ, ලාෆ් ගෑස් මිල සහ සුපිරි ඩීසල්,පෙට්‍රල් මිල පහළට
2024-04-01 15:35:39
Share with:

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් හා කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 1,652 ක් හා රු. 772කි. 

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 625කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 248කින්ද අඩු කර තිබේ. 

මේ අතර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් ද වන බව එම සමාගම සඳහන් කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 440කි. 

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 386ක් වේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 245ක් බව සඳහන්ය.




ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම