“හොංකොං නිලධාරීන්ගේ වීසා සීමාව” පිළිබඳ ඇමරිකානු නිවේදනයට චීනයෙන් ප්‍රතිචාර
2024-04-01 16:27:31
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන් කෙරෙහි වීසා සීමාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇමරිකාවේ නිවේදනයට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය. 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ‘හොංකොංහි ප්‍රතිපත්තිය පිළිබඳ නීතිය’ නම් වාර්තාවක් පළ කළේය. එම වාර්තාව මත පදනම්ව හොංකොංහි නිලධාරීන් කෙරෙහි වීසා සීමාව ක්‍රියාත්මක කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඇමරිකාව විසින් එම ඊනියා “වාර්තාව” පළකිරීම, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය, පරිපාලනමය නීතිය, මානව හිමිකම් හා නිදහස අපකීර්තියට ලක් කිරීමට ගත් තවත් උත්සාහයකි. ඇමරිකාවේ ක්‍රියා හොංකොංහි හා චීන අභ්‍යන්තර කටයුතුවලට දරුණු ලෙස මැදිහත් වී තිබේ. එය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම හා ජාත්‍යන්තර සබඳතාවේ මූලික ප්‍රතිපත්තියට පටහැනි වීමකි. චීනය ඊට දැඩි විරෝධය පළ කළ බව වං වෙන්බින් මහතා පැවසීය.

චීනයේ ස්වාධිපත්‍යයට හා හොංකොංහි නීතිමය පාලනයට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන් කෙරෙහි වීසා සීමාව පැනවුවහොත් චීනය ස්ථිරව ප්‍රතිචාර දක්වනු ඇතැයි ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම