චීනයේ විවෘතභාවය විදෙස් ව්‍යවසායකයින්ගේ අගැයුමට
2024-04-01 14:40:17
Share with:

චීනය වඩාත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කරන විවෘතභාවය විදෙස් ව්‍යවසායන්ගේ ඇගයීමට ලක් වේ. පසුගිය දා චීන රාජ්‍ය මණ්ඩලය වඩාත් ඉහළ මට්ටමින් විවෘතභාවය ක්‍රියාත්මක කරමින් විදේශ ආයෝජන ආකර්ෂණය හා පරිහරණය කිරීමේ සැලැස්මක් නිකුත් කර ඇත. මේ පිළිබඳව විදෙස් ව්‍යවසායන් අදහස් දක්වමින් කියා සිටින්නේ චීනයේ දැවැන්ත වෙ‍ළඳපොල හා සරු ශ්‍රම සම්පත් මෙන් ම චීනයේ නව ගුණාත්මක ඵලදායීතාව කෙරෙහි විශ්වාසය තබන බවයි. නවෝත්පාදනය පදනම් වන හා සමස්ථ නිෂ්පාදන කාර්යක්ෂමතාව කෙන්ද්‍ර කරගන්නා නව ගුණාත්මක ඵලදායීතාව පිළිබඳව ඔවුහු විශේෂයෙන් සර්වසුබවාදී ලෙස දකිති. 

චීනයේ විද්‍යා තාක්ෂණ හදාරන පිරිස සෙසු රටවලට සාපේක්ෂ ව වැඩි බවත්, විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔවුන් රටේ දියුණුවට විශාල වශයෙන් බලපාන බවත්, ඇමරිකාවේ ගෝලීය උපාය මාර්ගික තොරතුරු ඒජන්සියේ වෝෂිංටන් ශාඛාවේ හිටපු අධ්‍යක්ෂ William Jones මහතා කියා සිටී. චීනයේ සංවර්ධන ආකෘති හැඩ ගැසීම සමග බටහිර රටවල ප්‍රතිපත්තිවලට එයින් බලපෑමක් වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම