පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනයට චීනයෙන් දැඩි සහාය
2024-04-01 17:41:09
Share with:

පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට දැඩි සහාය ලබා දෙන බව චීනය පවසයි.

පසුගිය 26 වැනිදා පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය චීන පුරවැසියන් 5 දෙනාගේ දේහයන් අද (1) එරට ගුවන් හමුදා යානයකින් චීනයට රැගෙන ආ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීන අන්තර් ක්‍රියාකාරී විශේෂ කණ්ඩායමක් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු පසුගිය 29 වැනිදා රෝහලට පැමිණ මිය ගිය චීන ස්වදේශකයින් වෙත ශෝකය පළ කොට පක්ෂය සහ රජය වෙනුවෙන් එම අවස්ථාවේ පෙනී සිටින චීන ව්‍යාපාරයේ සේවකයින් වෙත සැලකිල්ල දැක්වූහ.

සත්‍යය සොයා ගැනීමටත්, අපරාධකරුවන් හා අදාළ සැලසුම්කරුවන්ට දඬුවම් දීමටත්, පාකිස්තානයේ චීන ජාතිකයන් සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමටත්, චීනය පාකිස්ථානයට අධිෂ්ඨානශීලීව හා ශක්තිමත්ව සහාය දෙනු ඇති බව Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම