චීන ජනපති සහ ඉන්දුනීසියානු නව ජනපති අතර සාකච්ඡා
2024-04-01 19:58:34
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියානු නව ජනාධිපති Prabowo Subianto මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද (1) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

උපායමාර්ගික ස්වාධීනත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහාය, ජයග්‍රාහී සහයෝගීතාවය සහ සාධාරණත්වය අනුගමනය කිරීමෙන් චීන-ඉන්දුනීසියානු සබඳතාව වටිනා ජයග්‍රහණ අත්කර ගන්නා බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඉන්දුනීසියාව සමඟ සමීප හුවමාරුවක් පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ‍ඔහු කීය. දෙරට අතර රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරුව, සංවර්ධන උපායමාර්ග සන්නිවේදනය සහ සමුද්‍රීය සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමටත් චීනය අපේක්ෂා කරයි. දරිද්‍රතාවය අඩු කිරීම සහ පිටුදැකීම සම්බන්ධයෙන් චීනය ඉන්දුනීසියාවට සහාය ලබා දෙනු ඇත. කලාපීය සහ ගෝලීය බලපෑම් ඇති පොදු ඉරණමක් සහිත චීන-ඉන්දුනීසියානු ප්‍රජාවක් ගොඩනගමින්, දෙරට ජනතාවගේ ජීව‍න තත්ත්වය මෙන්ම කලාපීය සහ ලෝක සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ජනපති ලෙස තේරී පත්වීමෙන් පසු චීනය සිය පළමු සංචාරය කරන රට බවට පත් කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන Prabowo Subianto මහතා එහිදී පැවසීය. දෙරටේ සබඳතාව වඩා සමීප ලෙස ප්‍රවර්ධනය කිරීම‍ට සම්පූර්ණයෙන්ම සහාය දක්වන බව ද ඔහු කීය. එකම චීනය  ප්‍රතිපත්තියට තරයේ අනුගමනය කරමින් ද්විපාර්ශ්වික සබඳතාවේ වඩාත් පුළුල් හා උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව Prabowo Subianto මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම