ජනතා කේන්ද්‍රීය පාලනය පිළිබඳ චීන ජනපතිගේ දැක්ම හෙට Qiushi සඟරාවේ ලිපියකින්
2024-03-31 16:12:10
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපියක් හෙට (1) චීනයේ Qiushi සඟරාවේ පළ කිරීමට නියමිතය.  “ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු ය” යන තේමාවෙන් එම ලිපිය නිකුත් කෙරේ. ෂී ජින්පිං ජනාධිපතිවරයා 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2023 වසරේ‍ දෙසැම්බර් මාසය දක්වා කාලයේ ප්‍රකාශ කළ වැදගත් අදහස් එම ලිපියෙහි ඇතුළත් වේ.

චීන ජනතාව චීන‍ කොමියුනිස්ට් පක්ෂය පාලනය කිරීමේ ප්‍රබල මූලාශ්‍රය හා පදනම වන බව හෙතෙම එම ලිපියෙන් පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ මුලික අභිලාෂය හා මෙහෙවර වන්නේ ද චීන ජනතාවට සුබසෙත සැලසීම හා චීන ජාතික පුනර්ජීවනය වෙනුවෙන් උත්සාහ දැරීම යි.

ජනතාවගේ ස්ථාවරය, චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික දේශපාලන ස්ථාවරය ද වේ. පොදු ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු  කිරීම, ඒවා ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම, පක්ෂයේ අරමුණ බවට පත් වේ.

සමාජවාදී නවීකරණයෙන් යුත් ප්‍රබල රටක් ගොඩනැගීමේ ගමනේදී ජනතාව තීරණාත්මක ශක්තියක් වනු ඇත. ජනතා කේන්ද්‍රීය සංවර්ධන සංකල්පය අනුගමනය කරමින් ජනතාවගේ අවධානයට ලක්වන ප්‍රශ්න කඩිනමින් විසඳමින් නවීනකරණ ප්‍රතිඵල ද ජනතාව අතර සාධාරණව බෙදා හැරීම ප්‍රවර්ධනය කළ යුතු ය. සියලු සක්‍රීය සාධක ප්‍රයෝජනයට ගනිමින් ප්‍රබල ‍රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය වෙනුවෙන් දැවැන්ත ශක්තියක් ගොඩනැගිය යුතු බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම