මාර්තු මාසයේ චීනයේ නිෂ්පාදන නොවන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ වර්ධනයක්
2024-03-31 16:09:41
Share with:

2024 මාර්තු මාසයේදී චීනයේ නිෂ්පාදන නොවන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ(PMI) අගය 53 ක් බවත්, පසුගිය ‍පෙබරවාරි මාසයේ 51.4 ක අගයේ සිට එය ඉහළ ගොස් ඇති බව ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(31) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය. දර්ශකයේ පසුගිය මාසවල දත්ත හා සැසඳීමේ දී මෙම නවතම වර්ධනය මෑතකාලීනව පෙන්නුම් කළ ඉහළම අගය වන අතර එය චීනයේ නිෂ්පාදන නොවන අංශය අඛණ්ඩව වර්ධනය වන බවට මනා සාක්ෂියකි. එමෙන්ම සේවා අංශයේ උප දර්ශකය මාර්තු මාසයේදී 52.4 ක් වූ අතර එය ද අඛණ්ඩව මාස තුනක සිට වර්ධනය වන බව මෙම දත්ත පෙන්වා දෙයි.

මේ අතර ඉදිකිරීම් අංශයේ උප දර්ශකය මාර්තු මාසයේදී 56.2 ක් වූ අතර එය පසුගිය මාසයේ අගය වන 53.5 සිට වර්ධනය වී ඇත. ඉදිකිරීම් සමාගම්වල සක්‍රීය ක්‍රියාකාරිත්වය සමග මෑතකාලීනව කර්මාන්ත අංශයේ වර්ධනය පිළිඹිබු කරමින් මාර්තු මාසයේදී එම අංශයේ ව්‍යාපාරික අපේක්ෂාවන් සඳහා ඇගයීම 59.2ක් ලෙස පෙන්නුම් කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම