රජය විසුරුවා හරින ලෙස ඉල්ලමින් ඊශ්‍රායලයේ දහස් ගණනක් ජනතාව විරෝධතා පෙළපාළි පවත්වයි
2024-03-31 17:38:34
Share with:

ඊශ්‍රායල මාධ්‍ය සහ පොලිස් වාර්තාවලට අනුව, ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් ඊයේ(30) රාත්‍රියේ විවිධ නගරවල විරෝධතා පෙළපාළි පවත්වා ඇත. පවතින ඊශ්‍රායල රජය විසුරුවා යළි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

වාර්තාවලට අනුව, ඊයේ(30) රාත්‍රියේ ඊශ්‍රායල ජාතිකයෝ දහස් ගණනක් Tel Aviv-Yafo, Be'er Sheva සහ Caesarea යන නගරවල මෙම විරෝධතා පැවැත්වූහ. හමාස් සංවිධානය සමග කඩිනමින් එකඟතාවකට එළැඹීමෙන්, අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කර ගන්නා ලෙස, ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම අගමැති Benjamin Netanyahu මහතා ධුරයෙන් ඉවත් කරන ලෙසත්, පාර්ලිමේන්තු මැතිවරණයක් යළි පවත්වන ලෙසත්, ඔවුන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම